(2015-02-03 දින අලුත්ගම සිට ගම්පහ බලා දුම්රියෙන් පැමිණිමින් සිටියදී, පුද්ගලයෙකුගේ සංවේදනාත්මක ගායනයක් මුල් විනි..)
1.
සුසිනිදු දෙපා දිගුකර මුදු පුළුන්................ලෙස
රිසි ලෙස දිගහැරී නිවහල් ලොවක............බැස
සිසි වන වුවන පුබුදා රත් කැළුම................ඉස
මසිතෙහි අදර දේ දූ මගෙ සුරඟ..............වෙස
2.
කිංකිනි සලා නා දළු නල ගැටෙන.............ලෙස
මන්දිර තනා වට ආදර පහස.......................ඉස
සංයම සිතින් සැම නෙතු ආදරින................රස
මන් තුටු වෙන්නෙ පහසිනි සක් රජෙකු.....වෙස
3.
දහදිය මතින් වැඩ කර දුක් රැදි..................සිතට
පහසකි අරුම දූ ආ කල මගෙ..................අතට
අමතක වෙලා ගත අපහසුකම්..................හදට
මා සෙනෙහස් විලෙහි දූ සමගිනි...............සුවට
4.
මල් වැනි සිනහ සලමින හැර පුංචි.................මුව
මල් වැනි රන් දත්හි රන් විසිරුවා..................රුව
නිල් මැණිකක්ව විසුරන සිරි අසිරි.................සුව
කුල්මත් වන්නෙ සිරියාවෙන් නුඹෙනි.......ලොව
5.
අත් යුග බිලිඳු මා උරහිස......................තබාගෙන
නෙත් මා නෙතෙහි දවටා පෙම..............වඩාගෙන
සිත් අබිමුවෙහි මා සෙනෙහස..............හොවාගෙන
විස්මිත ලොවෙක යමි දූ ළමැ.................තියාගෙන
6.
හිම කුමරියන් සමගින මුදු........................වලාවක
නුබ උනුසුමට ළමැ දී සිලි......................ලතාවක
නිති සෝ රැදුන මුව රඳවා.......................සිනාවක
දූ හා රැදෙමි මා සුර රජ..........................කතාවක
7.
දිනකදි නුඹත් වැඩි සිරි අගනක්....................වේවී
කුමරෙකු අතින ගෙන මා අතහැර.................යාවී
ලේ කිරි නොවුත් නෙතු මා තෙත මත..........පේවී
සුදු දූ නුඹට යන්නට දෙනු බැරි..................වේවී
8.
රන්මිණි විලස නුඹ සතු දිරි රැක...............ගන්න
දහමෙහි වෙලී මෙත් පාවඩ මත..............යන්න
මව් පිය අපව රජ පුටු මත හිදු..................වන්න
මගෙ දුව ලොවට සිරි දෙන අගනක් ........වන්න

සුන්දර කුසුම වෙයි රුකවරණය පුදන...
ReplyDeleteසෙනෙහස ආදරය නිරතුරුවම ලබන..
පියෙකුගෙ වත්කමයි අභිමානය කියන...
දෝණිය ගෙදර එළියයි වාගෙයි පහන...
සුරතල් සිනා කැටි මුවගේ රැදෙන විට...
නැත කිසි විඩා ඔබ ලඟ හිඳ දැනුනෙ මට...
යහගුණ දමින් හිතමින් ගැන උපන් රට...
ලොව ජය ගන්න හැක මගෙ පොඩි දුවට හෙට...
Deleteරස කවි සමග සුපියුම වෙත දිරි දුන්න..
මිතුරෙනි ඔබේ කවියට තුති මල් මෙන්න..
Thankuu..:)
ReplyDelete