පහනක් වෙලා අදුරට දිවි දකින්නට..
සවියක් ලැබිණි පෙර මග නෙතු දකින්නට..
කදුලක් රැදුණු නොපෙනෙන නෙත් හොවන්නට..
කවියක් කියමි වැරයෙන දිවි දුවන්නට..
බියගුළු ඉසිරි ගුවනත වැසි අදුර බදා..
කියවන කවිය සිප් දිය හිස් හිසට පුදා..
මියයන නිතින මුත් නොපෙනුම සිතෙහි රඳා..
දුවයනවා මමත් හිමි මෙය බැවිනි සදා..
ලාහිරු සෙමින් එබෙනා විට මොරටුවට..
පීදෙන සිතුම් ගෙන දිරි අරගෙන පයට..
මා දිවගියත් මව් පිය සෙනෙහස් බලට..
මේ සිත නොයයි ඉවතින් කවි පන්හිඳට..
තිබුනත් මැරෙන්නට ගිනි අවි රුදු පැයෙහි..
සවියක් නැතත් සිසිලස විදුමට කවෙහි..
දිවියත් එකතු කල මා රස බිම ලොවෙහි..
විල්තෙර දකින්නට එමි සැමදා රැයෙහි..
No comments:
Post a Comment