නොයමි තව දුර ඈත තනියම
නැවුම් පැතුමකි පිපෙන්න
සඳවතිය මේ කවිය පබැදුණු
සෙමින් ඔහු වෙත කියන්න
අපේ මග දිග තුරුලතාවන්
මලින් බර වනු දකින්න
පැතුම් මල් වල සුපෙම් කවියක්
සෙමින් අරබමු ගොතන්න
පියුම් දහසක් කුමට මට ඇත
නුඹේ සෙවනෙහි රැදෙන්න
රජුනි මට හැක දිවිතුරාවට
සෙනිහසේ කවි ලියන්න
සුසුම් නැති තුටු මලින් සැරසුණු
මගක් සිත්තම් කරන්න
යමුද දෑගිලි බැඳී හෙමිහිට
සිහින ලොව පද ගොතන්න...!! ~💗
සේයා රූ: ජීවිතයේ අවැසිම මොහොතේ,
හිතුවාටත් වඩා ගොඩක් ලොකුවට,
මහමෙරක් සේම සෙනිහසින් බැඳෙමින්,
ලස්සන හේමන්තයේ ලස්සනම පාටින්,
මගේ ජීවිතයත් පාට කර,
දිවි තෙරහි තිබු ලොකුම හිස් තැන පිරවූ,
ඒ විශාලම හදවතට..💗..~
(Transitioning Fall with it's awesome colors!)
No comments:
Post a Comment