Friday, December 18, 2015

හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..

+++ හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..+++
++++++++++++++++++++++++++++++++


සවනට වැටුණු අම මී හඬ කොහිද පැතූ..
අදුරකි වැසිත් නැති සංකා ගෙනෙන තතු..
අද එන දවස මග නැත නුඹ මෙයින් මතූ..
වැසිලා ගොසින් උණු කඳුලින් පවුලෙ නෙතූ..

දෙතොලෙහි රැඳුනු සෝ ඇත ගොළු විලාසෙන..
නැග එන සොවකි එන හදවත තලාගෙන..
සෙනෙහස මැවිණි බැඳි ඇත් රූ විලාසෙන..
නැන්දා නිසොල්මන් වී ඇත බලාගෙන..

ලේ කිරි කර නොදුන්නත් මව් සම ළඟ උන්නා..
සෙනෙහස ලපටි කල සිට සිතු විල ඇදුනා..
පරපුර තෙජස් වෙස් මුල් පුරුකෙහි දිලුනා..
අපටත් හොරා නුඹ වෙනතක් වෙත ඇදුනා..

පැදයන මගෙහි අකුරින දිරි සතට බෙදා..
නිකැළැල් දිවිය විනි සංයම සිතුම් රඳා..
අවිහිංසක හැගුම් දරු සිත් තුලට පුදා..
අද නුඹ ගොළුය ලොව උණු නෙතු කඳුළු බදා..

කැළඹෙන මහද වෙර නැත සැඟවෙන්න ලොවින්..
තනිවෙන පියුම් හට සිනැහිය හැකිද වෙරෙන්..
සවනත නොවැටි නුඹ වදනන් මියුරු සරෙන්..
ගැලවෙන එකම වේ සැප මේ දුකම නිරෙන්..

කවියෙන් සවන් පුබුදා සිත සනසන්න..
අප ගී කතා අසමින් අප ළඟ ඉන්න..
වැටෙනා සැම කලදී අත දී නැගිටන්න...
හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..

සිතුවිලි නතර වී සියොළඟ කඳුළු කැට..
නුඹ ළඟ නතර වී සෙනෙහස මවන කොට..
සහසක් බැඳුනු සුර ලෝ මට පෙනෙන කොට..
නැන්දට හැකිද යලි එන්නට අදම හෙට..

දිවියෙක අරුත බැහැ අප හට වලකන්න..
ගෙන එන දෙයට බැහැ මනුසත් පරදන්න..
රැස් කල පිනෙන් හොද යහපත ඉටුවන්න..
නුඹ හට උතුම් නිවනෙහි සැනසුම වෙන්න..








Saturday, October 31, 2015

සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..


මුව පිරි කැලුම් නැත දිරි ලෙය ඇත ගලන..
කුසුමෙක සුවඳ නැත පෙර කල පැතු ලෙසින..
දිවි ජය ගන්න දිවි දෙන නැගණිය මුවින..
හද පිරි දිරිය දහසින් වැඩි බව පෙනින..

නෙත් අබිමුවෙහි දැල්වූ මව්පිය සිහින..
උත්තම දෙවුන් පිදු සරසවි මග වටින..
රත් වුනු බැටන් මත ගොලුවෙනු බව පෙනින..
සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..

රිදුනත් දුකක් උන් හට නොදැනෙන හින්දා..
කඳුලක් ඇවිත් නුඹ නෙතු නැවතිණි රන්දා..
මනුසත් කමට පෙර නිල බල ආ හන්දා..
දිරි ලෙය මතින් දිරි පුතු  අද ඉකිබින්දා ...

යන මග නොමැති මුත් සැප පිරි බුමුතුරුණු..
යනු සොයුරියෙනි පෙරටම දිරියෙන පිරුණු..
බියගුළු නිවටයින් මත නොසැලෙනු දරුණු..
එනු ඇත හෙටක් සරසවි දිනවන මිතුනු..








Wednesday, October 21, 2015

අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..

පාළුව අඳුර නෙතු සැම තැන වෙලීගෙන..
සරසවි මවුන් වැලපේ සෝ පුරෝගෙන..
සිනහව අහිමි මිතු දම බැඳි සදාතන..
දෙහදක් සොයා සුදු කොඩි නල බදාගෙන..

සදවත මතින් සොහොයුරු නුඹ මිදුනේද..
තරු විල මතින් යම් ලෙද නුඹ වැටුනේද..
දිවි මග සිනහ විල මේ ලෙස දුරුවීද..
දහසක් අතර නුඹ නිසලව සැඟවීද...

එක බත් කටක රස විද බැඳි පනසේම..
සිනහව සතුට වින්දෙමු මිතු හැමදාම..
නෙතු යුග පියන් නිසලව  සුදු වතහාම ..
අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..

ආ රළු මගෙහි නොතිබිණි සැප බුමුතුරුණු..
යන මග කටුක රළු වැට කොටු විනි දරුණු..
නොබියව නුඹත් විත් දිරි බෙල මත පිරුණු..
සුන්දර ලොවම නිසලද මැව් සැප පිරුණු..








Thursday, August 6, 2015

සිවිල් පැදුර

සිවිල් පැදුර

හරි ලස්සනයි සවනත රස වැදුණු පැදී..
අවසන තෙක්ම වින්දෙමි රස ඉවත නොදී..
දෙව් සුර ලියන් මැද  රංගන ලලිත දිදී..
ගී සමුදුරම  නියමයි සරසවියෙ ඇදී..

හද සංයමින් උතුරා යන කවි පෙමිනා..
බැඳ සිරි යහන් සුන්දර සුර ලොව යෙහෙනා..
ගී රස විතෙහි නැළවෙන තැන අප සිටිනා..
සරසවි සෙමින් බිම වෙත වැඩි යුරු පෙනිනා..

මීවිත රසය සවනත බිඳු බිඳු වැටිණි..
වීනා මතින් සුර දෙව්ලියො බිම ඇදිණි..
සීහල ලෙයින් බැඳි රන් මිණි මුතු දිලිණි..
ගී රස සියුම්  මා හද නිවහල් කෙරිණි.

සැගවෙන්නට ගියත් රස කළු වලාවක..
සරසවි බැල්ම විනි දිරි පුතු දිසාවෙක..
සොහොයුරු සැවොම සිටුවා මුදු සිනාවක..
රස  ගී පැදුර ඇදුනයි දෙව් තලාවක..

දිය බිඳු බලය නැත සරසවි පරදන්න..
සොහොයුරු බැදුම විනි පැදුරට පනදෙන්න..
අමුතුම රසක් මවමින් ගී රස ගොන්න..
සරසවි දේවි සමගින් වැඩියයි ඔන්න..

අත්පොඩි වැදිණි පිට පිට ගැයෙනා නදට..
යව්වන සිතුම් හැරුනයි නර්තන රසට..
නෙත් අබිමුවෙහි විස්මිත තත්සර ලෙසට..
සිත් නැලවුනි නොදැනි, මා නැටුමෙයි ජයට..

සටනින් ඔවුන් ජයගත් ජය දද දිලුනා..
මිතුරන් සැවොම නව පන ගත් ලෙස පෙනුනා..
එතැනින් කිසිත් පැන යනු බැරි බව දැනුනා..
අවසන තෙක්ම මා රස සයුරෙහි වෙලුනා..

රුදු වැසි අතර නොසැලී දිරි ගෙන සිතට..
සොහොයුරු බලය මත පන පොවමින් ජයට..
පැදුරෙහි මතක හැරවූ නව  රජ මගට..
කුසුමන් සිවිල් සොහොයුරු සොහොයුරි සැමට..

Saturday, June 13, 2015

මංගල ගමන ගිය සොහොයුරියට

+++මංගල ගමන ගිය සොහොයුරියට+++++
++++++++++++++++++++++

විදිනෙමි සුවය මව් පියනගෙ සුවඳ ළඟ
එනමුදු යමක් ඇත අබියස කරන දඟ
පසුපස ඇදේ සැමවිට මා යනෙන මග
මතකෙට නැගේ නිති සොහොයුරි  නුඹගෙ වග

සොම්නස සතුට සැනසුම නෙතු ළඟ රන්දා
සම්පත් විලස නිවසෙහි තුටු දද බැන්දා
නිම් නැති පෙමින් බැදි රන් සුරාලියො කැන්දා
අම්මා තාත්තා හිනැහුනි අප හින්දා

අත් අල්ලා බැඳුනු ආදරයෙන් සිතෙහි
සිත් මල් පුබුද කෙළිලොල් නිති දිවි පෙතෙහි
නෙත් කුල්මතින් මව් පිය ආදර විලෙහි
මත් වුනි නුඹත් මා ආදරයෙන් හදෙහි

යව්වන වයස හිමිහිට ඉගි බිගි කෙරුණි
සුන්දර නුඹට මිතුරෙකු සහයට ඇදිනි
කල් යල් යත්ම මිතු දම පෙමකට හැරිණි
මල් සිත නුඹේ පෙම් බඹරුට වහ වැටිණි

මුතු මාලයක් නුඹ ගෙලවට කර බන්දා
කුමරුන් ඇවිත් පෙම් නුඹ ගෙනගොස් කැන්දා
තුටු විල එදා සිටියද සැම දද බන්දා
යන විට නුඹත් හද හොරැහින් ඉකි බින්දා

යන විට නුඹගෙ පා යුග මදකට සැලුනා
නෙතු අප දෙදෙන අවසන් වාරෙට ගැටුනා
ඉපදුනු දින පටන් බැදි සෙනිහස දිලුනා
නොදැනිම අපට අප නෙතු කඳුලින් පිරුනා

නොහඩනු  මෙලෙස යනු මග දිරි දෑත මතින්
සිනහෙනු සොයුරි පෙරමග නෙතු යොමන් ඉතින්
උණුසුම සුවය ඇත නුඹ වෙත කුමරු වෙතින්
යනු මැවු ලොවට නැගුමට දිවි සිනා වතින්

සුන්දර ලපටි කෙළිලොල් දිවි කෙරුණි නිමා
යන්නට වුනා නුඹ හට සොහොයුරිය දමා
මන්දිර පෙමින් බැඳි මුත් කඳුලක්ම තමා
මින් පසු නිදන්නේ කා උනුසුමෙද මෙමා

රොන් උරනා කලෙක සමනලයෙකු මලෙක
මන් සිහිනයෙම ගැලුනෙමි ගෙවි සැම කලෙක
පින් මදි කමින් තනිවිමි සොහොයුරු පෙමක
ඉන් හඩනා සිතට සැනසුම දෙනු හනික

සිතුවිලි නතර වී සියොලග කදුළු කැට
ඔබ ලග නතර වී සෙනෙහස මවන කොට
නුඹ සතුටින්ය යැයි සිත මගෙ කියනකොට
සැනසුම සිතට  ඒ දුක සුනු විසුනු කොට

සව්සිරි ඉතිර නුඹ සදනා කැදැල්ලට
මතු දියුණුව එන්න දිවි මග හබන්නට
දිරියෙන් නැගෙනු පැතු සුර ලොව දකින්නට
නුදුරෙම එන්න මා මව් පිය බලන්නට

රන් රස ඉතිරි දිවියෙහි නුදුරුම කලෙක
සඳ කුමරා සමග දෑගිලි බැඳ පෙමක
ලැමැදට තුරුළු කර කිරි කැටියෙක් දිනෙක
මන් මග බලමි එනතුරු නුඹ හනි හනික








Friday, May 22, 2015

ධීවර සංස්ථා මාළු කපන්නා


කිරුලකි මැවූ රන් පැහැයෙන් රුව නැතුව..
තරු පිරි හදකි පිලි ගඳ අවටින් මතුව..
දරුවන් රජුන් කෙරුමට පැතුමකි පැතුව..
විරුවෙක් තවත් දුටුවා විරු ගුණ නතුව..

හිරු දිය ගැඹර තුරු සිඹ යන අතරේම..
අමදින කලදි ඕ ගෙමිදුල සැමදාම..
පිරි හද පැතුම හා හිස සිඹ ඕ හාම..
පය තබනා ලෙසෙකි දිවි දිවුමට මේම..

බත් රස  මවා දරු සිත නිති සතුට උනි...
රත් පැහැ ලෙයෙහි මන්නය දිවි සවිය විනි..
රත් පැහැ මසුන් ලෙය බිඳු වට විසිරිවිනි..
සිත් සගැවුනිද නුඹ දරු මල් සිනාවෙනි...

දිවි බර ගෙවන්නට රතු ලෙය අතෙහි වදී..
සිත යම් දෙයකි වෙහෙසෙන හද තැවුල් දිදී..
විසිරුණු ලෙයෙහි ගත වුව මැසි මදුරු පොදී..
ලස්සන හදකි සිතිවිලි දිරි පැතුම් බැඳී...

ධීවර කඩෙන් මිලදී ගෙනයන මාළු..
ඕ නිසි ලෙසින් කපලා පොතු හැර දේලු..
නෝනා එන්න පොතු  කටු නම් නැති වේලු..
මේ ලෙස මොහුත් රුපියල් එක් කෙරුවාලු...

මුවහත් තලය දිලිසෙන සම මත හෙලුනා...
දරු ගැන සිතා දිරි ලෙය සිරුරෙම ඇදුනා..
තව එක් කලෙන් කාසිය බිම මත වැටුනා..
නෝනා මාළු ගෙන කාරය වෙත නැගුනා...








Wednesday, April 15, 2015

අමාවක - සඳ නැති සද..~

1.
සිනිදු සුසුමුදු තෙදින රැස් බල මතින ගං දිය අමා දිය              කල
බිලිදු මල් පොඩි යොවුන් බර කර යොවුන් සුසුවද ඔවුන් මත  සල
ගනදුරෙහි ගෙවි හදට බිය වැදි අමා සිසිලෙහි සුවය මෙහි       සල
තරිඳු නුඹ අද කොහිද තරු මල් අඹර පාලුය හිස් අහස           තුල

2.
රුදුරු තුරු මත අනෙක පැහැයෙන් සියක් ගෙත්තම් නුඹම  මැව්වා
සිදුරු අතරින් එකී රැස් දේදුනු මතින් පොළොවටම              එව්වා
මැදුරු පැල්පත් දෙකම උඩ එක විලස රන්සුණු එලෙස      කැව්වා
අදුරු දින නුඹ නොමැති සද පෙර විලස ඒ සැම සැමට         රැව්වා

3.
පාරු ගමනට බුමිතෙල් ටික නුඹ නිසාවෙන් ඉතිරි              වූවා
සීරු මාරුව සොරුගේ නැවතී වටින සැම ගෙයි ඉතිරි         වූවා
මේරු දරු කැල මිදුලෙ නුඹ සිසිලසෙන් වන්නම් ගිගිරි      පෑවා
මාරු වී එය අනිත් පසෙකට එවන් සිසිලස් අද             නොවූවා

4.
කිවිවරුන් නුඹ අසිරි පද කල නිසොල්මන් වී තම නිවෙස්    තුල
සිත්තරුන් නුඹ අසිරි රුව දුටු නින්දෙ සුව විඳ තම යහන      වල
සන්තොසින් අප සැවොම ඇලලු නිසාකර රාජියෙනි සුව    හල
සිත්තුටින් මෙහි වඩිනු විත් යලි ලොවම පුබුදනු සිනා මල්   සල

5.
අහස් කුස හා පැටියා අද නැත පොළොවෙ මිතුරන් හමුව   ආවේ
සහස් සුර දෙව් කතුන් නැත අද අඹරෙ රංගන මදුර            පෑවේ
මිනිස් තිරිසන් නිදින මත්වී සිහිනයෙන් ඒ අසීර               පැතුවේ
අහස් රාජිනි සිසිරාකර මෙහි වඩිනු සැම හද ජනිත              වුවේ