සදකැන් ඇතිරි ගෙමිදුල දොරකඩට වෙලා
තනිකම ඉතිරි නිවසෙහි පන ඉවත නොලා
හිරු පායන තුරුම දරු දුක සිතෙහි වෙලා
මව් පිය දෙපල සෙනෙහිනි පෙරමගම බලා
යව්වන වයසෙ දෙව් මන්දිර සැදුවාද
රන් කිරි පැටවු දෙදෙනෙකු පන පෙව්වාද
උන් සිප් සයුරැ තෙර විස්කම් පෑවාද
නොදැනිම උනුත් නුඹ හැර දා දිව්වාද
රන් දහදිය හෙලා උන් කුස ගිනි නිව්වා
නන් දුක් කටොළු ආවත් ජයගෙන දිව්වා
පුන් සඳ එලියෙ මිදුලෙහි රස කවි කිව්වා
උන් දිනනා තුරුම සිප් දිය පන පෙව්වා
මව් පිය රදුනි තව පොඩ්ඩක් ඉවසන්න
රජ පුටු හිමියි නුඹලට ලගදිම ඔන්න
මේ යන මගෙහි යන්තම් තව පන ගන්න
තව දින පහයි පොඩි දුව ගෙදරට එන්න
Photo: The last photograph of my motherland taken on February 4, 2022. The scenery wasn't as striking as the vistas I've witnessed in foreign lands, but in her embrace, I found a wealth beyond compare: love, tenderness, nurturing connections, friendships, and bonds that resonate with immeasurable value. It's as if I left a piece of my heart entwined with every cherished memory there😐.
No comments:
Post a Comment