සුන්දර ගිම්හාන දින රහසෙම ගෙවිනි
යන්තම් සියුම්
සිසිලස වට පිට ඇදිනි
රන් වන් පාට
සිත්තම් මිහිමත මැවිණි
පන්හිද වෙතට
මගෙ කවි රස පන පෙවිණි
මිහිලිය නැවුම්
සිතුමන් මත පිබිදීලා
ඇය මත දැකුම්කලු
පැහැයන් පැතිරීලා
දේදුනු මතින්
ඇය තව තව හැඩ වීලා
මේ සුරලොවෙහි
මගෙ හද මන් මත් වීලා
සැන්දෑ අහස
නෙක සායම් පැහැය උලා
තුරුලිය මතට
ඒ ලස්සන පැහැය ගලා
මද නල සියුම්
ගීයෙන් තුරු ලියන් සලා
ඔහු පිළිගන්න
ඈ සුර දෙව් ලියක් වෙලා
මිහිමත ඇදුනු
පැහැ තුරු පත් ඇතිරිල්ලේ
විහිදෙන පරිදි
වැටි හිරු රැස් සෙවනැල්ලේ
නොඉදුල් හමන
මුදු මද නල සිසිලැල්ලේ
හේමන්තයම ඈ
හා පෙම් සැනසිල්ලේ
No comments:
Post a Comment