නුපුරුදු තැනෙක පොඩි සිත් තනි කෙරුනාද
සුපුරුදු බවින් දිවි මන් කවි බැඳුනේද
දින සති ගෙවී කිරි දරු පන පෙවුනාද
සරසවි මවුන් හැර යන දින ලැබුවාද
තනිකම දැනෙන විට මව් පිය දේපල වෙලා
දැනුමට සවිය විනි පතනා ලොවම බලා
සිව් වස ගොසින් නොදැනිම දැන් කඳුළු සලා
මට නුඹ දමා වෙනතක දැන් යන්න වෙලා
මිහිරෙහි හොවා සඳතර සැගවෙන කිරණ.. මෙහි කැන්දා පියුම් රොණු ගල්වා දිලෙන.. විහිදමි සුරසිරිය රණ නාදෙන නැගෙන.. සිසිලස විදිනු සඳැසෙහි සංයම සිතින..
Monday, July 2, 2018
Friday, September 1, 2017
පැනය
1.
දින දින ගෙවෙයි සරසවි මව් තුරුළු සෙනේ
යන මග තිරයි අවසන නුදුරෙහිම පෙනේ
දින දින වැඩෙන අමිහිරි වෙස් දරන අනේ
පැනයකි රිදුම් දෙන මා සිත් මඬල කොනේ
2.
සරසවි දිවියෙ රුදු බාදා පවුරු මැද
හෙට ලොව තනන්නට හැකි සැම පවුරු බැද
තුන් අවුරුදු කලක් පත පොත නෙතෙහි බැඳ
දහඩිය හෙලිමි නෙක සෝ තුටු සමව විඳ
3.
යව්වන වයසෙ පීදෙන මල් පැතුම් පොදී
යන්නට ඉඩ නොදිමි සිර කර ගතිමි මිදී
සුන්කර තැනුණු බැම සිත් කොන් රුදුව බිඳී
ඉන්අත මිදී මට වුනි යම් රුවක බැදී
4.
දින දින ගෙවෙන විට මද මද සිත ඇදිනි
යන යන මගෙහි ඔහු රුව නෙත් යුග මැවිණි
පැන යනු නොලෙස රතු මල් මාවත් බැඳිනි
අවසන මමත් රුදු ලෙස පෙම් ලොව ගිලිණි
5.
සිත විමසුවා ඔහු පිළිබද කතන්දර
වත ගොත ලැබිණි මා මිතු සැම වෙතින් හර
අතරක් නොමැති හද පෑරෙන සිතුම්'තර
සිත මා ඇදිණි වැට කොටු බැමි කඩන් දුර
6.
සය මස නොදැනි දින දින මේ ලෙස ගෙවුනා
හැර යන දවස හිරු රැස් මිහිපිට හෙලුනා
අමුතුම හැගුම් මා නෙතු අබියස ඇදුනා
ගත වන සියලු කල සිත කදුලින් පෙගුණා
7.
සිටියෙමි පුරුදු ලෙස ඔහු දෙස බලාගෙන
සුපුරුදු ලෙසම නැත ඔහු හද හැරී එන
පෙනුනා සොවින සඳ කොමලිය නැගී එන
ඇදුනා පයත් අවසන් වර හඩා ගෙන
8.
පීදුනු සිතෙක පෙම් මල් අමු අමුවෙ තලා
පෑරුණු හදක දොම්නස් බර අදුරෙ වෙලා
සීරුණු මලෙක මල් පෙති දෙස සොවින් බලා
වැහුණු හැගුම් සුන් කරගමි සිතම පලා
9.
සය මස මිහිරි දෑ සිත මත තබාගෙන
කෙල්ලෙක් නිසා සවි නැති සිත හොවාගෙන
මාවත් මැදින් මුදු සපුමල් පිපීඑන
සරසවි තුරුල වෙත යමි තොස් පුරෝගෙන
Monday, August 1, 2016
විරු සිසු නුඹට දින දින මල් පැලදේවා.........
***********විරු සිසු නුඹට දින දින මල් .............පැලදේවා********************
පිදු එක් දිවියකින් දහසක් නැගෙනු කොට
සුදු වැලි මතින් පෙනෙනා දරු වෙරල පිට
බිඳු බිඳු දියෙන් තෙමෙමින් දා පෙරෙන විට
රුදු කටු ඉපල් නැසුවා ගෙන කඳුළු කැට
දෑසට ඉනූ කඳුළැලි වැගිරිනු පෙරුණු
කෑනොගැහුවද පිසිමින සෙමිහිට සිතුනු
සිතමින අදර පවුලම එක ලෙය බැඳුනු
තව දිරි මතින් නැගිටුණි සිසු දිර කැවුණු
පුරපස සඳක සිසිලස මුදු ගුණය දිලී
සෙනෙහස තුරුළු කොට පිය උනුසුමක වෙලී
හිරු රැස හෙලා ඇවිදින් දුක් සයුරෙ ගිලී
මදහස දුර ගියා සොහොයුරු හටම සැලී
තම මතු දිවිය හෙට එන සොහොයුරුට පිදී
යටවෙන මිතුරු රූ දැක හද රිදුම් දිදී
පොරකයටද යන්නට දිරි හදින බැදී
රන් ලෙහි සිතුම් ලියුමට මේ පිටුව මදී
නුඹ හෙලු කඳුළු දා මතු සිසු දිරි වේවා
උපදින සසර දෙටු පුත් වෙස් රැකදේවා
විරු සිසු නුඹට දින දින මල් පැලදේවා
මොරටුවෙ අපෙන් පිදි විරු මල් සැරැදේවා
Sunday, January 10, 2016
මගේ අය....
මැකීගෙන යන විටදි තරු පොදි
ගගන සලිතව රුදුරු ගිනි මැද
නොයන්නට පිය නැවත පසුපස
සිහින් ඉකි හඩ පැතිරුනා..
සදුට පෙම් බැඳි සියක් ගණනක්
ලපටි තරු වැල් මලානික වී
සිතට පැනනැගි අමිල අදරින්
සිංහ තේජස පැතිරුවා...
වියූ තරුවැල් සහෝදරයින්
කැඩී යන්නට නියම වූයෙන්
රුදුරු වැටකඩු පතිත වී සැම
එකින් එක තරු මැලවුනා...
ඇගිලි ගුලිකර තදින් අල්ලා
වැටෙන තරු පොදි වැරෙන් අල්ලා
එකම ගමනට නුඹත් අයිතියි
වරෙන් යන්නට නැගිටලා ...
ගෙවාගෙන ආ සොඳුරු මංපෙත
දවාලන්නට කොහිද බල තොට
සසර බැම්මන් මතින් එක්වුණු
සොයුරු සොයුරන් එක්වුණා...
දිලෙන තරු පොඩි එකතු වුවයි
නැගෙන ඉකි හඬ තෙදට හැරුනයි
පුරා පෝ සඳු නැගෙන විටදී
සිංහ පැටවුන් පිබිදුනා..
Friday, December 18, 2015
හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..
+++ හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..+++
++++++++++++++++++++++++++++++++
සවනට වැටුණු අම මී හඬ කොහිද පැතූ..
අදුරකි වැසිත් නැති සංකා ගෙනෙන තතු..
අද එන දවස මග නැත නුඹ මෙයින් මතූ..
වැසිලා ගොසින් උණු කඳුලින් පවුලෙ නෙතූ..
දෙතොලෙහි රැඳුනු සෝ ඇත ගොළු විලාසෙන..
නැග එන සොවකි එන හදවත තලාගෙන..
සෙනෙහස මැවිණි බැඳි ඇත් රූ විලාසෙන..
නැන්දා නිසොල්මන් වී ඇත බලාගෙන..
ලේ කිරි කර නොදුන්නත් මව් සම ළඟ උන්නා..
සෙනෙහස ලපටි කල සිට සිතු විල ඇදුනා..
පරපුර තෙජස් වෙස් මුල් පුරුකෙහි දිලුනා..
අපටත් හොරා නුඹ වෙනතක් වෙත ඇදුනා..
පැදයන මගෙහි අකුරින දිරි සතට බෙදා..
නිකැළැල් දිවිය විනි සංයම සිතුම් රඳා..
අවිහිංසක හැගුම් දරු සිත් තුලට පුදා..
අද නුඹ ගොළුය ලොව උණු නෙතු කඳුළු බදා..
කැළඹෙන මහද වෙර නැත සැඟවෙන්න ලොවින්..
තනිවෙන පියුම් හට සිනැහිය හැකිද වෙරෙන්..
සවනත නොවැටි නුඹ වදනන් මියුරු සරෙන්..
ගැලවෙන එකම වේ සැප මේ දුකම නිරෙන්..
කවියෙන් සවන් පුබුදා සිත සනසන්න..
අප ගී කතා අසමින් අප ළඟ ඉන්න..
වැටෙනා සැම කලදී අත දී නැගිටන්න...
හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..
සිතුවිලි නතර වී සියොළඟ කඳුළු කැට..
නුඹ ළඟ නතර වී සෙනෙහස මවන කොට..
සහසක් බැඳුනු සුර ලෝ මට පෙනෙන කොට..
නැන්දට හැකිද යලි එන්නට අදම හෙට..
දිවියෙක අරුත බැහැ අප හට වලකන්න..
ගෙන එන දෙයට බැහැ මනුසත් පරදන්න..
රැස් කල පිනෙන් හොද යහපත ඉටුවන්න..
නුඹ හට උතුම් නිවනෙහි සැනසුම වෙන්න..
++++++++++++++++++++++++++++++++
සවනට වැටුණු අම මී හඬ කොහිද පැතූ..
අදුරකි වැසිත් නැති සංකා ගෙනෙන තතු..
අද එන දවස මග නැත නුඹ මෙයින් මතූ..
වැසිලා ගොසින් උණු කඳුලින් පවුලෙ නෙතූ..
දෙතොලෙහි රැඳුනු සෝ ඇත ගොළු විලාසෙන..
නැග එන සොවකි එන හදවත තලාගෙන..
සෙනෙහස මැවිණි බැඳි ඇත් රූ විලාසෙන..
නැන්දා නිසොල්මන් වී ඇත බලාගෙන..
ලේ කිරි කර නොදුන්නත් මව් සම ළඟ උන්නා..
සෙනෙහස ලපටි කල සිට සිතු විල ඇදුනා..
පරපුර තෙජස් වෙස් මුල් පුරුකෙහි දිලුනා..
අපටත් හොරා නුඹ වෙනතක් වෙත ඇදුනා..
පැදයන මගෙහි අකුරින දිරි සතට බෙදා..
නිකැළැල් දිවිය විනි සංයම සිතුම් රඳා..
අවිහිංසක හැගුම් දරු සිත් තුලට පුදා..
අද නුඹ ගොළුය ලොව උණු නෙතු කඳුළු බදා..
කැළඹෙන මහද වෙර නැත සැඟවෙන්න ලොවින්..
තනිවෙන පියුම් හට සිනැහිය හැකිද වෙරෙන්..
සවනත නොවැටි නුඹ වදනන් මියුරු සරෙන්..
ගැලවෙන එකම වේ සැප මේ දුකම නිරෙන්..
කවියෙන් සවන් පුබුදා සිත සනසන්න..
අප ගී කතා අසමින් අප ළඟ ඉන්න..
වැටෙනා සැම කලදී අත දී නැගිටන්න...
හැකිවෙද නුඹට යලි අප අතරට එන්න..
සිතුවිලි නතර වී සියොළඟ කඳුළු කැට..
නුඹ ළඟ නතර වී සෙනෙහස මවන කොට..
සහසක් බැඳුනු සුර ලෝ මට පෙනෙන කොට..
නැන්දට හැකිද යලි එන්නට අදම හෙට..
දිවියෙක අරුත බැහැ අප හට වලකන්න..
ගෙන එන දෙයට බැහැ මනුසත් පරදන්න..
රැස් කල පිනෙන් හොද යහපත ඉටුවන්න..
නුඹ හට උතුම් නිවනෙහි සැනසුම වෙන්න..
Saturday, October 31, 2015
සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..
මුව පිරි කැලුම් නැත දිරි ලෙය ඇත ගලන..
කුසුමෙක සුවඳ නැත පෙර කල පැතු ලෙසින..
දිවි ජය ගන්න දිවි දෙන නැගණිය මුවින..
හද පිරි දිරිය දහසින් වැඩි බව පෙනින..
නෙත් අබිමුවෙහි දැල්වූ මව්පිය සිහින..
උත්තම දෙවුන් පිදු සරසවි මග වටින..
රත් වුනු බැටන් මත ගොලුවෙනු බව පෙනින..
සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..
රිදුනත් දුකක් උන් හට නොදැනෙන හින්දා..
කඳුලක් ඇවිත් නුඹ නෙතු නැවතිණි රන්දා..
මනුසත් කමට පෙර නිල බල ආ හන්දා..
දිරි ලෙය මතින් දිරි පුතු අද ඉකිබින්දා ...
යන මග නොමැති මුත් සැප පිරි බුමුතුරුණු..
යනු සොයුරියෙනි පෙරටම දිරියෙන පිරුණු..
බියගුළු නිවටයින් මත නොසැලෙනු දරුණු..
එනු ඇත හෙටක් සරසවි දිනවන මිතුනු..
Wednesday, October 21, 2015
අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..
පාළුව අඳුර නෙතු සැම තැන වෙලීගෙන..
සරසවි මවුන් වැලපේ සෝ පුරෝගෙන..
සිනහව අහිමි මිතු දම බැඳි සදාතන..
දෙහදක් සොයා සුදු කොඩි නල බදාගෙන..
සදවත මතින් සොහොයුරු නුඹ මිදුනේද..
තරු විල මතින් යම් ලෙද නුඹ වැටුනේද..
දිවි මග සිනහ විල මේ ලෙස දුරුවීද..
දහසක් අතර නුඹ නිසලව සැඟවීද...
එක බත් කටක රස විද බැඳි පනසේම..
සිනහව සතුට වින්දෙමු මිතු හැමදාම..
නෙතු යුග පියන් නිසලව සුදු වතහාම ..
අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..
ආ රළු මගෙහි නොතිබිණි සැප බුමුතුරුණු..
යන මග කටුක රළු වැට කොටු විනි දරුණු..
නොබියව නුඹත් විත් දිරි බෙල මත පිරුණු..
සුන්දර ලොවම නිසලද මැව් සැප පිරුණු..
සරසවි මවුන් වැලපේ සෝ පුරෝගෙන..
සිනහව අහිමි මිතු දම බැඳි සදාතන..
දෙහදක් සොයා සුදු කොඩි නල බදාගෙන..
සදවත මතින් සොහොයුරු නුඹ මිදුනේද..
තරු විල මතින් යම් ලෙද නුඹ වැටුනේද..
දිවි මග සිනහ විල මේ ලෙස දුරුවීද..
දහසක් අතර නුඹ නිසලව සැඟවීද...
එක බත් කටක රස විද බැඳි පනසේම..
සිනහව සතුට වින්දෙමු මිතු හැමදාම..
නෙතු යුග පියන් නිසලව සුදු වතහාම ..
අද නුඹ ගොසින් දිගු දුරකට නොකියාම..
ආ රළු මගෙහි නොතිබිණි සැප බුමුතුරුණු..
යන මග කටුක රළු වැට කොටු විනි දරුණු..
නොබියව නුඹත් විත් දිරි බෙල මත පිරුණු..
සුන්දර ලොවම නිසලද මැව් සැප පිරුණු..
Subscribe to:
Posts (Atom)












