සීතල සුළං මොනවද මුමුණනු............ඇසුනා
ගී සර වැයුම් මිහිමත පැතිරෙනු........දැනුනා
ඒ සිසිලසට මුදු මල් සුසුවඳ.................බැඳුනා
මා පය සෙමින් මේ සිරි දැකුමට..........ඇදුනා
අවසර නැතිව සිප ගත් නල විඳ .........සොඳට
දිනයෙම වෙහෙස පා කර හැරියෙමි.....දුරට
නිවහල් සිතකි තව සතුටක් කොහිද......මට
කවි පද ගොතමි බර්නබි කඳු මුදුනෙ......සිට
වෙනදා නුදුටු පැහැ මල් ගොමු නෙත..ගැටිණි
මල් පෙති මැදින් රන් හිරු රැස් බිම.....වැටිණි
කොළ පැහැ පොලෝ මත රූ සිත්තම්..ඇදිනි
මද නල සෙමින් ඒ රූ තව හැඩ........කෙරුණි
නිලඹර සුදු වලා ඕ සියුමැලි................ගමනේ
හිරු දෙවි නොසඟවා තාලයකිනි......ඇදුනේ
රත් පැහැ ගගන කඳු පෙළ අතරින් ..දිලුනේ
හිරු දෙවි තෙදස් දැන් මට මදි බව....සිතුනේ
මා සිත මිහිලියත් හා දෑගිලි ...............බැඳලා
මේ සුරලොවෙහි මම යමි සැනසුම.සොයලා
පීදෙන කවි රටා ඈ තනු හා................බැඳිලා
මා තනි මකයි ඉමිහිරි රස ගී..............ගයලා
සෙමින් සඳ කුමරි කඳු අතරින් .........එබිලා
නිසංසල ලොවම සඳ කිරණෙහි ......ගිලිලා
ඉතින් තව කිමද නුඹ සැඟවී ..............ඉදලා
හදින් මා වෙලනු සිත් සැනසුම..........පුරලා