මුව පිරි කැලුම් නැත දිරි ලෙය ඇත ගලන..
කුසුමෙක සුවඳ නැත පෙර කල පැතු ලෙසින..
දිවි ජය ගන්න දිවි දෙන නැගණිය මුවින..
හද පිරි දිරිය දහසින් වැඩි බව පෙනින..
නෙත් අබිමුවෙහි දැල්වූ මව්පිය සිහින..
උත්තම දෙවුන් පිදු සරසවි මග වටින..
රත් වුනු බැටන් මත ගොලුවෙනු බව පෙනින..
සිත් පිත් නැති උන්ට අයිතිද උන් සිහින ?..
රිදුනත් දුකක් උන් හට නොදැනෙන හින්දා..
කඳුලක් ඇවිත් නුඹ නෙතු නැවතිණි රන්දා..
මනුසත් කමට පෙර නිල බල ආ හන්දා..
දිරි ලෙය මතින් දිරි පුතු අද ඉකිබින්දා ...
යන මග නොමැති මුත් සැප පිරි බුමුතුරුණු..
යනු සොයුරියෙනි පෙරටම දිරියෙන පිරුණු..
බියගුළු නිවටයින් මත නොසැලෙනු දරුණු..
එනු ඇත හෙටක් සරසවි දිනවන මිතුනු..